Sri Lanka’s Finance Minister of 1977, Ronnie de Mel explains the closed economy - YouTube

Channel: Advocata Institute

[3]
ඒ කාලේ ගැන කියවුනු සිංදු පවා ලියවිලා තිබුනා.
[9]
හැමදේම පාලනයට යටත් වෙලා තමයි තිබුණේ
[10]
හාල් පමණක් නෙමෙයි පිටි, සීනි, අර්තාපල්, බෝනික්කෝ, මුං ඇට, පෙට්‍රල්, ඩීසල් හා තෙල් වලින් දුවන වාහන සියල්ලම සලාක ක්‍රමයට තමයි බෙදා දුන්නේ.
[23]
එය සංවෘත ආර්ථිකයක් නෙමෙයි
[25]
ඒ කාලේ රට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ට මේ වගේ සංවෘත ආර්ථිකයක් තිබුණෙ නැහැ
[31]
1947 දී බලයට පත් වුණු UNP ආණ්ඩුව මේ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති මුළුමනින්ම පාහේ ඉදිරියට පවත්වාගෙන ගියා.
[39]
1956 දී බණ්ඩාරනායක මහතා බලයට පත්වන තෙක් ඔවුන් පවත්වාගෙන ගිය නිසා ඔවුන්ට බොහෝ දොස් පැනවුණා.
[48]
පළමුවන වතාවට 1956 දී බණ්ඩාරනායක මහතා UNP එක පැරදුවා
[51]
ඒ කාලයේ බණ්ඩාරනායක මහතා විසින් බොහෝ සමාජවාදී අදහස් රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස ගෙන ආවා.
[59]
ඔහු කොමියුනිස්ට් පක්ෂයේ වත්, ලංකා සමසමාජ පක්ෂයේ වත්, පිළිප් ගුණවර්ධන මහතාගේ පක්ෂයේ සාමාජිකයෙකු නොවූනත්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාජවාදී ප්‍රතිපත්ති කිහිපයක් ගෙන ආවා
[70]
ඔහු බහුකාර්ය සමුපකාර රට තුළට ගෙන ආවා. එවැනි මෘදු සමාජවාදි ප්‍රතිසංස්කරණ කීපයක් රට තුළට ගෙන ආවා.
[78]
67 වර්ෂය පැවැති මැතිවරණයේ දී මම නැවත ජාතික නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස ජයග්‍රහණය ලැබුවා.
[83]
1973 දී මම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණා.
[86]
එහිදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුපාඩුකම් සහ වැරදි සියල්ලම සහිත කතාවක් පවත්වලා ස්වාධීන සාමාජිකයෙකු ලෙස සේවා කළා.
[93]
මම එකපාරටම යූඑන්පී ආණ්ඩුවට සම්බන්ධ වුණේ නැහැ
[94]
අවුරුදු දෙකක් පුරාවට මම ස්වාධීන සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ස්වාධීන සාමාජිකයන් පස් දෙනෙක් විතර ඒ කාලේ හිටියා.
[100]
ඔවුන් කිසිදු පක්ෂයක් හා සම්බන්ධ නොවුන නිසා ඔවුන් තමයි පාර්ලිමේන්තුවේ හොඳම කතාවන් පැවැත්වූවේ.
[105]
ස්වාධීන සාමාජිකයෙක් හැටියට රටේ තත්ත්වයත් එක්ක ඔබට ඔබේම අදහස්වලින් කතාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණා.
[137]
නීතියට අනුව හැම සතියකම දවස් දෙකක් හෝටල්වල බත් පරිබෝජනය තහනම් කරල තිබුනා.
[143]
එහෙත් පෞද්ගලික නිවාස වල මෙය තහනම් කරන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. හැබැයි කොටුව දුම්රිය ස්ථානය පැත්තෙ තිබුන කෑම කඩ සියල්ලකම බත් පරිභෝජනය තහනම් කළා.
[155]
පාන් ගෙඩියක් ගන්න පාන්දර 03:30 වෙද්දි ගිහින් ඉන්න සිද්ධ වුණා.
[158]
මේ කාලයේ කළු කඩ වෙළඳාම බොහෝ ලාභ ලබා ගත්තා.
[164]
යම්කිසි භාණ්ඩයක හිඟයක් ඇති වූ විට සහ මිනිසුන් කුසගින්නෙන් පෙළෙන විට,
[171]
ළදරුවන්ගේ කිරි පිටි වැනි දේවල් එහි මිලට විසි පස් ගුණයකින් වැඩි මිලකට ඔවුන් නිකුත් කළා. මිල සිය ගුණයකින් වැඩි අවස්ථාවන් ද තිබුණා
[181]
රජය සතුව තිබූ සමහර භාණ්ඩ තිබුණේ සමුපකාර පමණයි
[187]
සමුපකාර වල කළමණාකරුවන් රහසිගතව පෞද්ගලික වෙළෙන්දන්ට භාණ්ඩ යවන්න පුරුදු වෙලා සිටියා.
[192]
මේ නිසා සමුපකාරයෙන් සාමාන්‍ය ජනතාවට ලබා ගන්න හැකියාව තිබුණේ ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් පමණයි.
[195]
වාමාංශිකයින් අපිව විවේචනය කළා. එන් එම් පෙරේරා මහතා, පීටර් කෙනමන් වැනි මගේ මිතුරන් පවා අපව දැඩි ලෙස විවේචනය කළා.
[204]
අපේ හිටිය වාමාංශිකයන් බොහෝ දෙනෙක් පොතේගුරා ලා. ඔවුන් බොහෝදෙනා ලෙනින් සහ මාක්ස්ගෙ මූලධර්මවලට ඇලී සිටි අය වුනා. බොහොමයක්ම තිබුනේ කල් පැන ගිය මූලධර්මයන්.
[215]
බණ්ඩාරනායක මහතා ඔහු වාමාංශිකයෙක් ලෙස පැවසුවත් ඔහු ඒ ගැන වැඩියෙන් කතා කරන්න ගියේ නැහැ. හැබැයි ඔහු වාමාංශික අදහස් කීපයක් කීපයක්ම රට තුළට ගෙන ආවා.
[224]
සිංගප්පූරුව, හොංකොං වැනි රටවල මහ බැංකු ලෝකයේ සමහරක් ප්‍රධාන බැංකු වලට වඩා කාර්යක්ෂම වුණා.
[233]
ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශය වැනි රටවල් වල බැංකු වලට වඩා අපේ රටේ බැංකුව ඉතා හොඳ තත්ත්වයක තිබ්බා. ඔවුන් ඔවුන්ගේ විවෘත ආර්ථිකය සංවර්ධනය කරගෙන යමින් සිටියා.
[254]
මානුෂීය අන්දමට ඒවා සංවර්ධනය කරගෙන යමින් තිබුණා.
[257]
අපි ස්වාභාවික සම්පත් වල කෝණයෙන් බැලුවොත් අපි මුළු ලෝකයෙන්ම සිටින බොහෝ දරිද්‍රතාවයයෙන් පෙළෙන එක රටක්.
[261]
ඇත්තටම අපි සතුව ඉතා හොඳ දේශගුණයක් පැවතුනත්, අපි සෑම විටම සීමා වෙලා හිටියේ තේ, පොල් සහ රබර් වලට පමණයි.
[271]
කිතුණුවන්ට බයිබලය වගේ අපේ රටට තිබුණේ හාල් පොත.